“සුමිතුරු දැයකින් දිනවමු දරුවන්” තේමාව කොට ගනිමින් 2019 වර්ෂයේ ලෝක ළමා දින සැමරුමට සමගාමීව දෙල්තොට ප්‍රාදේශීය ලේකම් කාර්යාලය විසින් සංවිධානය කරනු ලැබූ ළමා දින සැමරුම් උත්සවය 2019/10/03 වන දින දෙල්තොට ශ්‍රී රතනාශ්‍රම විහාරස්ථ ප්‍රධාන ශාලාවේදී ප්‍රාදේශීය ලේකම් තුමන් ඇතුලු ආරාධිතයින්ගේ සහභාගීත්වයෙන් පැවැත්වුණි.
මෙහිදී පැමිණ සිටි දරු දැරියන්ගේ කුසලතාවන් එළිදැක්වෙන විවිධ අංග ඉදිරිපත් කරන ලද අතර, ආරාධිතයින් විසින් මෙම වැඩසටහනට සමගාමීව පවත්වන ලද ප්‍රශ්න විචාරාත්මක වැඩසටහනේ ප්‍රථම,දෙවන සහ තෙවන ස්ථාන ලබාගත් දරු දැරියන් හට ත්‍යාග සහ සහතිකපත්‍ර බෙදා දීමද ආරාධිතයින් විසින් සිදුකරන ලදී.
මීට අමතරව දරුවන්ට අවශ්‍ය පාසල් උපකරණ බෙදාදීමේ අවස්ථාවද උත්සවයේ විශේෂ අවස්ථාවක් ලෙස දක්නට ලැබුණි.
![]() |
![]() |

















